ආසියානු කොවුලා (කොහා, කෝකිලයා) සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුල දැකිය හැකි සුවිශේෂී පක්ෂියෙකි. අලුත් අවුරුද්ද හා කොහා අතර ශක්තිමත් සම්බන්ධතාවයක් පවතියි. අප්‍රේල් මාසය ආරම්භයේ පටන්ම කොහාගේ කෝකිල නාදය ඇසිය හැකිය. කොවුලා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙකු නොවන අතර සංක්‍රමණික කුරුල්ලෙකි. ඔවුන් සංවාස කාලය සඳහා මාර්තු,අප්‍රේල් කාලයේදී ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට පැමිණෙති. කොහාගේ 'කුහු කුහූ' නාදය අලුත් අවුරුද්ද ළඟ බවට පවසන පණිවිඩයක් වැනිය.
උපුටා ගැනීම : කජුවත්ත එක්සත් Cricket සමාජය
